නව පාසල්වාරය ආරම්භ වීමට පෙර සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන්

නව පාසල් වාරය ආරම්භවීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට සියලු පාසල් දැනුවත් කර තිබේ.

ඒ අනුව ගුරුවරුන්, මාපියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් අප්‍රේල් මස 22 වනදා දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් එම තත්ත්වය මැඩ පැවැත්වීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top