හික්කඩුව මුහුදු තීරයේ දී විදේශීකයෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට

හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශීය ජාතික පුද්ගලයෙක් රළ පහරට හසුවී දියේ ගිලී මියා ගොස් ඇත.

ඊයේ(23) උදෑසන 10.00ට පමණ මෙම විදේශිකයා දියේ ගිලී බරපතල තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පස්වරු 01.20ට පමණ මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මරණකරු වයස අවුරුදු 31ක් වූ බෙලරුස් ජාතිකයෙකි.

මෘතශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (24) පැවැත්වෙන අතර හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top