ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති පකිස්ථාන අගමැති හමුවෙයි..

පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානිගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා දෙරට අතර මිත්‍රත්වයේ නොමැකෙන පියවරක් තබමින් ඊයේ (23) ඉස්ලමාබාද් නුවර පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කර්යාලයේදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ගරු ෂාහීද් ඛාන් අබ්බාසි මහතා හමුවී තිබේ.

යුද්ධ හමුදාධිපති සහ පකිස්ථාන අග්‍රාමාත්‍යතුමන් අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදි ආරක්‍ෂක ගැටළු සහ අනෙකුත් කලාපීය ගැටළු පිළිබඳ පුළුල් ලෙස අවධානය යොමුකරමින් එහිදී සාකච්ඡා කර තිබේ.

සියලු ශ්‍රී ලාංකිකයින් හට වැඩි ප්‍රතිලාභයක් අත්පත් කර දෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙන්ම රජය විසින් සිදු කරනු ලබන මහජන සේවාවන් සඳහා සිය රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top