ශ්‍රීලංනිප මධ්‍යම කාරක සභා හමුවක් අද පැවැත්වේ..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම අද(24) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති නිල නිවසේදී එම රැස්වීම පැවැත්විමට නියමිතය.

ජාතික ආණ්ඩුව තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට භාරදීමට නියමිත බවයි වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top