ශෂී වීරවංශට ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාදුන්නේ විමල්ගේ බලපෑම් නිසයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ රාජතාන්ත්‍රික විදෙස් බලපත්‍රයක් ලබා ගැනීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබූ බව දැන වුවත් එය නොසලකා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ ඉල්ලීමට විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කළ බව හිටපු ආගමන හා විගමන පාලක චූලානන්නද පෙරේරා මහතා ඊයේ 23 දා නඩුව නැවත කැඳවූ විට අධිකරණයේදී පිළි ගන්නා ලදි

එසේම එලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන විට රහස් පොලිසිය දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් පැවතියත් තමා ඒ සඳහාද ක්‍රියා නොකළ බව හෙතෙම පිළි ගන්නා ලදි

නඩුවේ වැඩිදුර විමර්ෂණ ජූනි 08 තෙක් කල් තැබිණි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top