මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ දී

මෙවර රාජ්‍ය වෙසක් සතිය ලෙස 2018 අප්‍රේල් 26 අද සිට මැයි 02 වන දා දක්වා රජය ප්‍රකාශයට පත්කර ඇත.

තිරසර පරිසරයක් සඳහා බුදු දහම, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා බුදු දහම, බුදු දහමින් පෝෂිත වූ සිංහල සාහිත්‍ය, බුදු දහමින් පෝෂිත වූ හෙළ කලාව, යහපත් වෘත්තීය ජීවිතයක් සඳහා බුදු දහම, සමාජ සංවර්ධනය- ආර්ථිකය හා බුදු දහම යන කරුණු ඉස්මතු කිරීමට මෙවර වෙසක් සතියේ එක එක් දිනයන් යොදා ගෙන තිබේ.

“චිත්තං දන්තං සුඛාවහං” (දැමුණු සිත සුව ගෙන දේ) මෙවර වෙසක් තේමාව වන අතර, රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන් හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් 2018 දින අප්‍රේල් 28 කුරුණෑගල – බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top