කොක්කුවිල් කඩු ප්‍රහාරයට සම්බන්‍ධ සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට

පසුගිය 26 වනදා කොක්කුවිල් ප්‍රදේශයේ සිඳුවූ කඩුවලින් පහරදීමේ සිද්ධියට සම්බන්‍ධ යැයි සැකපිට දෙදෙනෙකු සහ, ආවා කල්ලියට අයත් ඡායාරූපයක සිටින පුද්ගලයන් යැයි හඳුනාගත් හය දෙනෙකු ඇතුළු අට දෙනෙකු මානිප්පායි පොලීසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසේ.

කොක්කුවිල් සහ තෙල්ලිපලයි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අතර එක් අයකු මීට පෙර පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන අධිකරණය මඟින් ඇප මත නිදහස් වූ පුද්ගලයෙකු බව හඳුනාගෙන තිබේ.

පසුගිය 26 වනදා ආවා කල්ලියට සම්බන්‍ධ යැයි කියන පුද්ගලයෙකු නිවසකට ඇතුල්වි තරුණයෙකුව කඩුවකින් කපා තුවාල සිඳුකිරීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා යාපනය රෝහලට ඇතුලත් කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top