නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රත්‍රං තොගයක් ගෙන යෑමට තැත් කළ සිව් දෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ 89 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට තැත් කළ සැකකරුවන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු භාරයට ගැණුනු රත්රන් තොගයේ බර කිලෝග‍්‍රෑම් එක හමාරක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ.

අත්අඩංගුවට ගැණුනු සිව් දෙනාගෙන් තිදෙනෙකු කාන්තාවන් වනවා. සැකකරුවන් ගාල්ල, කොළඹ සහ යාපනය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top