නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි සිට පැමිණි මගියෙකුගේ සිය ගමන් මළු 4ක මෙම දුම්වැටි තොගය සඟවා ගෙන ගෙනවිත් ඇති අතර, එහි වටිනාකම රුපියල් දහසය ලක්ෂ තිස් දහසක් පමණ වන බව පැවැසේ. සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක වේ.