අභාවප්‍රාප්ත සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිඹඳ අවසන් කටයුතු අනිද්දා


අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන බදාදා (02) සිදුකිරීමට නියමිත බව අවමගල්‍ය කමිටුව දන්වයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වන විට තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ, අංක 24 දරණ එම මහතාගේ නිවසේ තැන්පත් කිරීමට සූදානම් බව වාර්ථාවේ.

ලාංකීය චිත්‍රපට කලාවේ නොමැකෙන සලකුණු තැබූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඊයේ(29) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top