ශ්‍රීලනිප නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට තීරණය කරයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු සඳහා තාවකාලිකව නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ඊයේ (17) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.

ජූනි මස 03 වැනිදා මෙම නව නිලධාරී මණ්ඩලය පත්කිරීමට නියමිතව ඇත.

ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව ඊයේ සවස 7.00ට පමණ ආරම්භකර පැය දෙකක පමණ කාලයක් පැවැත්විණි.

මෙම තීරණය පිළිබඳව අද සමස්ත ලංකා කාරක සභාව සහ විධායක කාරක සභාව දැනුවත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top