නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් දිවුරුම් දෙති

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

රාජ්‍ය අමාත්‍යවරු

01- රංජිත් අළුවිහාරේ මහතා – සංචාරක, සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය
02- ලකී ජයවර්ධන මහතා – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

01- අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
02- අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
03- කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික
කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
04- එඞ්වඞ් ගුණසේකර මහතා – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05- නලින් බණ්ඩාර ජයමහ මහතා- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top