වලිගාමම් උතුරු ප්‍රදේශයෙහි හමුදා යටතේ තිබෙන නිවාස හා තාප්ප කඩා ඉවත් කරයි..

වලිගාමම් උතුර කට්ටුවාන්, මයිලඩි මාර්ගයේ නැගෙනහිර ප්‍රදේශයෙහි හමුදාව යටතේ පවතින ජනතාවට අයත් ඉඩම්වල පිහිටා ඇති නිවාස හා තාප්ප සියල්ල ඩෝසර් කර ඉවත් කිරීමේ කටයුතුවල පසුගිය සතියක් තිස්සේ හමුදාව යෙදී සිටින බව වාර්තාවේ.

කැලෑ ඉඩම් එලිපෙහෙලි කර, නිවාස හා ගොඩනැගිළි කඩා ඉවත් කරමින් එහිදී පොල් පැල සිටුවීමේ කටයුතුවල හමුදාව නිරතව සිටින බවත්, හමුදාවේ මෙම කටයුතුවලින් තම ඉඩම් මින් පසු තමන්ට නිදහස් නොකරනු ඇතැයි ජනතාව අතර බියක් සැකයක් ඇතිවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top