සරත් එන්. සිල්වාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

පළාත් සභා මැතිවරණ සංශෝධන පණත ජනමත විචාරණයකට යොමු නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර චන්දයකින් සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) තීරණය කළේ ය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර තීරණය මත පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව විවෘත අධිකරණය ඉදිරියේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රකාශ කළේ ය.

හිටපු අගවිනිසුරුවරයාගේ පෙත්සමට මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් කියා සිටියේ අදාල පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බැවින් එය අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට නොහැකි බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top