ජනපති විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුවට එක්වෙයි …

ජනපති විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුවට එක්වෙයි ...විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව අද (18) පෙරවරුවේ ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුථ ශාලාවේදී ආරම්භ කෙරිණි.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP)  පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිද භාවය, වගවීම, මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම උදෙසා සැකසුණු යාන්ත්‍රණයකි. රටවල් 75 ක ජනාධිපතිවරු, අගමැතිවරු, කතානායකවරු, අමාත්‍යවරු ඇතුථ නියෝජිතයින් මීට එක්ව සිටින අතර, ජෝර්ජියානු අග්‍රාමාත්‍ය Mamuka Bakhtadze  මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගැනීම සිදු කලේය.

 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ එකගතා එහි සාමාජික රටවල සුබසාධනය සහ යහපත උදෙසා යොදා ගන්නේ කෙසේද යන තේමාව යටතේ එහි සමාරම්භක සැසිය ආරම්භ කෙරුණු අතර, එම සමාරම්භක අවස්ථාවේ මූලික අදහස් දැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කළේය.

 ( ඡායාරූප : චන්දන පෙරේරා – ජනාධිපති මාධ්‍ය අංශය )

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top