81වන පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල 20 වනදාට

ශ්‍රී ලංකා පොලිසිය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල 20දා සිට 22දා දක්වා බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙලේ සමාරම්භය 20දා පස්වරු 6.15ට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.

පොලිස් කොට්ඨාස 60ක් නියෝජනය වන අයුරින් පිරිමි ක්‍රීඩා ඉසව් 20ක් සහ තාන්තා ක්‍රීඩා ඉසව් 18ක් මෙම මලල ක්‍රීඩා තරගාවලියේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල සමාප්ති උත්සවය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top