ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වන්නැයි රෙජිනෝල්ඩ් ඇතුළු කිහිපදෙනෙකුට ජනපති නියෝගකරයි

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඇතුළු ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි වාර්තාවේ.

ඔවුන්ට අද (31) දිනට පරෙ ඉල්ලා අස්වන ලෙසත් දැනුම් දී ඇතැයි පැවසේ.

මෙම නියෝගය අනුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජ්නෝල්ඩ් කුරේ මහතා ඉල්ලා අස්වී ඇතැයිද ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශවරයා උපුටාදක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් ආණ්ඩුකාරවරුන්ගේ මතය වී ඇත්තේ යම් සංශෝධනයක් සඳහා ජනාධපතිවරයා විසින් අදාළ දැනුම් දීම සිදුකර ඇති බවත් යළිත් තමන්ට එම තනතුරු ලැබෙනු ඇති බවත්ය.

එහෙත් ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ආණ්ඩුකාරවරු කිහිපදෙනෙකුට පමණක් වීමද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top