මහින්ද පිලට එරෙහිව ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් උසාවියට

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීමහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම මඟින් ඔවුන්ට මන්ත්‍රී ධුර දැරීමට නීත්‍යානුකූල හැකියාවක් නැති බවට ක්වෝ වොරොන්ටෝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අභියාචනාධිකරණයේ පේතසමක් ගොනු කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

එය ශ්‍රීලනිපය විසින් පක්ෂයක් ලෙස ගත් තීරණයක් නොවන බවත් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ගත් තීන්දුවක් බවත් වාර්තාවන අතර එම මන්ත්‍රීවරුන් වසින් ඒ සම්බන්ධයෙන් නීති ප්‍රවීණයන් කිහිපදෙනෙකුගෙන් උපදෙස් ලබාගෙන ඇත.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ශ්‍රීලනිපයෙන් වෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් පිළිබඳව විනය පියවර ගත යුතුයැයි තීන්දුවක් ගෙන ඇතත් විනය පියවර ගැනීමේ ක්‍රියාවලිය හා නිශ්චිතව කුමන පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගන්නේද යන්න පිළිබඳව තවමත් තීන්දුවක් ගෙන නැතැයි අනිද්දා කළ විමසීමකදී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෙක් පැවසීය. මීළඟ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳව තීන්දු කළ යුතු බවද ඔහු කීය.

බොහෝවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගිය කණ්ඩායමට එරෙහිව තීන්දුවක් නොගෙන, ආණ්ඩුව සමග එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව පමණක් විනය පියවර ගනු ඇතැයි එම මධ්‍යම කාරක සභිකයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක සිටින බවත් ඒ නිසා රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට නම් අධිකරණයට යෑමට සිදුවනු ඇති බවත් ක්වෝ වොරොන්ටෝ ආඥාව ඉල්ලීමට බලාපොරොත්තුවන මන්ත්‍රී කණ්ඩායමේ මතව වී ඇත.

by – lankatruth.com

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top