කරවෙට්ටි සෙට්ටිතුරයි මාර්ගයට මාධ්‍යෙව්දියාගේ නම දමන්නැයි ඉල්ලීමක්..

කරවෙට්ටි නිරිතදිග ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් සෙට්ටිතුරයි මාර්ගයට ශ්‍රේෂ්ඨ දෙමළ මාධ්‍යවේදියකු වන අභාවප්‍රාප්ත අයියාතුරයි නඩේසන් මහතාගේ නම දමන්නැයි කරවෙටිතුරයි නිරිත දි ප්‍රාදේශීය සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඉකුත් ප්‍රදේශයේ උපත ලැබූ අභාවප්‍රාප්ත අයියාතුරයි නඩේසන් මහතා රේගු දෙපාර්තුමෙන්තුවේ ද සේවය කර ඇති අතර, ප්‍රවීන මාධ්‍යවේදියකු ද වේ. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඔහු පසුගිය 2014 මැයි 31 වැනි දින නැගෙනහිර පළාතෙහි සිඳුවූ වෙඩි තැබීමකින් ඝාතනයට පත්විය.

ඔහුගේ ඉතිහාසය ගැන ඉදිරි පරම්පරාවද දැන ගැනීමටත් ඔහුගේ සේවයට ගෞරවයක් ලබාදීමේ අරමුණින් අදාල මාර්ගයට ඔහුගේ නම දැමිය යුතු යැයි ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top