දුම්රිය අත්‍යාවශ්‍ය ‌සේවයක් කරන අති විශේෂ ගැසට් නිවේදනයක්

 

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අද(27) දින සිට දුම්රිය සේවය ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව මඟීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂම හා අඛණ්ඩව පවත්වාගෙන යාම, දුම්රිය ධාවනය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයිමට අදාළව සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය සේවාවෙන් කළ යුතු සියළුම සේවාවන් අවශ්‍ය වන්නා වු සියලු වැඩ හා ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීම සිදුකළ යුතු වේ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top