ලබන 6 වැනිදා සත්වෝද්‍යාන සේවකයෝ වර්ජනයක

සත්වෝද්‍යාන සේවකයින්ට බලපාන ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා ලබන මස 6 වැනිදා එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදුකන බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අනතුරු දීමනාව රුපියල් 5000කින් සහ පැමිණීමේ දීමනාව රුපියල් 1500 කින් වැඩි කරන ලෙස වසරකට වැඩි කාලක් පුරා සත්වෝද්‍යාන සේවකයින් ඉල්ලා සිටින අතර මේ දක්වා ද ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි සත්වෝද්‍යාන සේවකයෝ පවසති.

ඒ අනුව මෙම සංකේත වැඩවර්ජනය සිදුකිරීමට තීරණය කල බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ද ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top