වර්ෂ අවසාන පාසල් නිවාඩුව ඇරඹෙයි…

වර්ෂ අවසාන පාසල් නිවාඩුව ඊයේ (23) ලබා දුන් අතර එම නිවාඩුව අද (24) සිට ජනවාරි මස 11 වනදා තෙක් පැවැත්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය 2021 වර්ෂ ආරම්භක පාසල් වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇත්තේ ලබන ජනවාරි 11වනදාය.

එහෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, ⁣කළුතර දිස්තික්කයේ පාසල් සහ හුදකලා කර ඇති පොලිස් බල පෙදෙස්වල පාසල් මෙදිනට ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2020 අධ්‍යයන වර්ෂයේ විධය නිර්දේශය ආවරණය වී නොමැති නම් ඒ සම්බන්ධයෙන් පාසල් මට්ටමින් වැඩපිලිවෙළක් සකස් කරන ලෙස විදුහල්පතිවරුන්⁣ට උපදෙස් දී ඇතැයිද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top