ජාතික දියවැඩියා දින පාගමන ජනාධිපති ප‍්‍රධානත්වයෙන්

diabetic-walj-1024x585“සුවබර හෙටකට අද වැඩ අරඹමු” ජාතික දියවැඩියා දින පාගමන අද (13) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයෙන් ආරම්භ විය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයෙන් පාගමන අවසන් කෙරුණු අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සියලු දෙනාටම ආදර්ශයක් සපයන මෙම වැඩසටහන අගය කළ ජනාධිපතිතුමා නීරෝගී ජාතියක් බිහිකිරීමට සියලු දෙනාගේ කැපවීම හා උනන්දුව වඩාත් අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.

ජාතික දියවැඩියා දිනට සමගාමීව පැවැත්වූ සමස්ත ලංකා චිත‍්‍ර තරගයේ ජයග‍්‍රාහකයින්ගේ චිත‍්‍ර ඇතුළත් ප‍්‍රදර්ශනය ද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණි.

නොවැම්බර් මස 14 වන දිනට යෙදෙන ජාතික දියවැඩියා දිනට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය හා අන්තරාසර්ගවේදීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් වසරක් පාසා මෙම පාගමන සංවිධානය කරනු ලබයි.

මෙම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහිපාල, ශ‍්‍රී ලංකා අන්තරාසර්ගවේදීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය උදිත් බු`එගහගේ, ශ‍්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top