‘ආවා ගෘෘප්‘ හමුදාව මෙහෙයවන කණ්ඩායමක් නොවේ – රුවන් විජේවර්ධන

ruwan-wijewardene රුවන්‘ආවා ගෘෘප්‘ නැමැති කල්ලිය හමුදාවෙන් මෙහෙවන කල්ලියක් නොවන බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදු කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

”ආවා” නැමැති කණ්ඩායම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳව පිළිතුරු ලබාදුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

”ආවා ” කණ්ඩායම උතුරේ මෝටර් සයිකල් කල්ලියක්. යම් කිසි කාලයක් තුළ ප්‍රදේශයේ ජනතාවට හිරිහැර කර ජනතාවගෙන් කප්පන් ඉල්ලන මෝටර් සයිකල් කල්ලියක්. මේක හමුදාවෙන් මෙහෙවන කල්ලියක් නොවේ. හමුදාවට මෙවැනි කල්ලියක් මෙහෙය වන්න කිසිම හේතුවක් නෑ.

දැනට අත්අඩංගුවට ගෙන තිබෙන ”ආවා” කල්ලියේ තිදෙනෙකුගෙන් එක් අයෙකු හිටපු හමුදා නිලධාරියෙක්. දැන් ඉවත් වෙලා. යම් කිසි කාලයක් හමුදාවේ වැඩකර තිබෙනවා. පරීක්ෂණ තවමත් පවත්වාගෙන යනවා. ”ආවා” හමුදාව මෙහෙවන කණ්ඩායමක් නොවේ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top