තුන්කොන් එක්දින තරගාවලියේ පළමු ජය ලංකාවට

sri-lanka-v-zimbabwe ශ්‍රී ලංකා - සිම්බාබ්වේසිම්බාබ්වේ – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (14) සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීම තෝරාගත් උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.3කදී සිම්බාබ්වේ ඉනිම ලකුණු 154කට සීමා කිරීමට සමත් විය. පන්දු යැවීමේදී අසේල ගුණරත්න කඩුලු 3ක්ද නුවන් කුලසේකර පන්දුවාර කඩුලු 2ක්ද සුරංග ලක්මාල් පන්දුවාකඩුලු 2ක්ද නුවන් ප්‍රදීප් කඩුලු 2ක්ද දවා ගැනීමට සමත් විය.

ලකුණු 155ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 24.3 කදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසු කර යෑමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ධනුෂ්කද සිල්වා නොදැවී ලකුණු 78ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක්ද රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්කද සිල්වා තරගයේ වීරයා බවට පත්විය.

1

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top