කැරම් ලෝක ශූරතාවය දිනාගත් ලංකා කණ්ඩායම දිවයිනට..

coldsc_5744143140510_5125855_14112016_svgජගත් කැරම් සම්මේලනයේ මෙහෙයවීමෙන් එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැති 7 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම ඊයේ (14දා) දිවයිනට පැමිණියේය.

රටවල් 23ක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී පිරිමි කණ්ඩායම් ශූරතාව සහ කාන්තා කණ්ඩායම් අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට චමිල් කුරේ, නිශාන්ත ප්‍රනාන්දු, මොහොමඩ් ෂහිඩ් සහ එම්. ෂෙරිෆ්ඩීන් ඇතුළත් වූ අතර, කාන්තා කණ්ඩායමට ජෝශප් රොෂිටා, චලනි ලක්මාලි, යසිකා රාහුබද්ධ සහ අයේෂා වික්‍රමසිංහ ඇතුළත් වූහ.

ඇමෙරිකාව, ඉන්දියාව, කැනඩාව, ප්‍රංශය වැනි ප්‍රබල රටවල ප්‍රබල කණ්ඩායම් පරාජය කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් ලැබූ මේ ජයග්‍රහණ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චමිල් කුරේ ‘ස්විස් කේවල’ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත්, එම ඉසව්වේ ලෝකඩ පදක්කම නිශාන්ත ප්‍රනාන්දු අත් කරගැනීමත් කැපී පෙනේ.

– දිනමිණ –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top