ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ජාතිවාදය ආගම්වාදයට භාවිතා කිරීම රටේ ඉදිරි ගමනට බාධාවක්- ජනපති

maithiri_ci මෛත්‍රීරටට ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පටු දේශපාලන වුවමනාවන් හෝ ජාතිවාදය හා ආගම්වාදය මුල්කරගෙන භාවිතා කිරීම රටේ ඉදිරි ගමනට බාධාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 47 වන සංවත්සර මහා සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

අද රජය ශක්තිමත් රජයක් ලෙස රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව සියලු ක්ෂේත්‍රවල වගකීම් සහ යුතුකම් ඉටුකරමින් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා යහපාලන රජය පිළිබඳ රටේ ජනතාව තැබූ අපේක්ෂාවන් ඉටුකරමින් රජය පියවරෙන් පියවර ඉදිරියට යන බවත්, ඇතැමුන් අපේක්ෂා කරන පරිදි ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි නමුත් විධිමත් සැලසුම් තුළින් රටේ ජනතාවගේ අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් ප්‍රකාශ කළේය.

නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට සේම එම ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනාගේ වෘත්තීය වරප්‍රසාද තහවුරු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවම රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top