ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම අභියෝගයකට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (18) නියෝග කර තිබේ.
අදාළ පෙත්සම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ නීතිපතිවරයාට එරෙහිව තිදෙනෙකු විසින් ගොනු කර තිබූ අතර, එය ප්‍රියසාත් ඩෙප්, කේ.ටී චිත්‍රසිරි සහ ප්‍රියන්ත යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබුණි.
එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල මෙන් ම දමිළ භාෂාව ද රාජ්‍ය භාෂා ලෙස පිළිගෙන ඇති බවත්, ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නැති බව රජයේ නීතිවේදියා පෙන්වාදුන්හ.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළේය.