මාවිරු දින වැඩසටහනට බාධා කළේ නම් යහපාලනයේ සැබෑ ස්වරූපය හෙළිවේ.. – සිවාලිංගම්

සිවාජිලිංගම්ලබන 27 වනදා මාවිරු දිනය නිමිත්තෙන් නල්ලූර් කන්දසාමි කෝවිලේ දී පෙරවරු 9.30ට පහන් දල්වා පූජා කටයුතු සිදු කිරීමට නියමිත අතර එම අවස්ථාවට මාවිරු පවුල්වල සාමජිකයන්, ඇතුළු දෙමළ හිතෛෂීන් සහභාගිවන්නැයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (19) දින පැවැති මාධ්‍ය හමුකදී හෙතෙම මේ බව පැවැසීය.

එදින උතුර නැගෙනහිර පළාත්වල මාවිරුවන් වෙනුවෙන් අනුස්මරණ කටයුතු සිදු කරනු ලැබේ. අපගේ අයිතිවාසිකම් උදෙසා සටන් කර දිවි පූජා කළ පිරිස වෙනුවෙන් අනුස්මරණ පූජා කටයුතු පැවැත්වීමේ අයිතියක් අපට ඇත.

මාවිරු දින පූජාව සඳහා අනුමැතිය ලබා දෙන්නැයි කිසිවකුගෙන් ඉල්ලා සිටිමට අවශ්‍ය නැත. ඝාතනයට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් සිහිපත් කිරීමේ අයිතිය සිංහල ජනතාවට තිබෙන්නේ නම් අපගේ අයිතිවාසිකම් උදෙසා සටන් කළ මාවිරුවන් සිහිපත් කිරීමේ අයිතිය දෙමළ ජනතාවට ද තිබේ.

අප ප්‍රශ්ණ ජාත්‍යන්තරයට ගියේ විමුක්ති අරගලයෙන් කළ කැප කිරීම් නිසාය, මාවිරු දින වැඩසටහනට පසුගිය රජය සිදු කළ අයුරින් බාධා කළේ නම් යහපාලනයේ සැබෑ ස්වරූපය හෙළිවනු ඇති බව සිවාජිලිංගම් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top