රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අභාවප්‍රාප්ත වෙයි..

kostha-01-20130102කලක පටන් රෝගාතුරව සිටි ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) දහවල් අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු කියති. 1948 දී කැලණියේ උපන් ඔහු මිය යන විට ඔහු 68 වැනි වියේ පසුවිය.

සරුංගලය, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, එක්ටැම් ගේ, අහස් ගව්ව, සාගරිකා, මරුවා සමග වාසේ, ජීවිතයෙන් ජීවිතයක්, සතර දිගන්තය, උමයංගනා වැනි සිනමාපට ගණනාවක ඔහු විශිෂ්ට රංගනයක් දැක්වීය. වීශේෂයෙන් ඔහු සිට චරිත තුළින් පන්ති සහිත සමාජයේ පීඩිත ජන කොටස්යල යතාර්ථය මැනවින් නිරූපණය කිරීමට සමත් වූවෙකි.

කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වන කොස්තා හංස දඩයම, ගිගිරි වළලු, විසුල අහස යට, ඉස්සරහට යන්න වැනි ටෙලිනාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබාදී ඇත.

ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ කෙටි චිත්‍රපටය ඔහුගේ පළමු සිනමා රංගනය විය. ඔහු අභිරූපණ රංග කලාවේද විශිෂ්ටයෙක් විය.

ඒ.ජේ. සෙල්වදොරේගේ “ගොඩෝ එනකං” වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතයට අත්පොත් තැබූ විමල් කුමාර ද කොස්තා පසුව හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරී, කොරා සහ අන්ධයා, මළකෝළං, දුන්න දුනුගමුවේ වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top