ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරන්නන් සොයන්න විශේෂ පොලිස් ඒකකයක්

police පොලිසියරට තුළ ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා ඇතිවන ආකාරයට විවිධ ක්‍රම මගින් වෛරී ප්‍රකාශ නිකුත් කර මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් ඊයේ (21) විශේෂ පොලිස්‌ ඒකකයක්‌ ස්ථාපිත කර ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම විශේෂ පොලිස්‌ ඒකකය පොලිස් මූලස්ථානයේ සිට විමර්ශන කටයුතු සිදු කරනු ලබන බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසා සිටියි.

ආගම් සහ ජාතීන් අතර ගැටුම් ඇති කර ජාතිවාදී කලබල ඇති කිරීම සඳහා සංවිධාත්මක කණ්ඩායම් උත්සහ කරමින් සිටින බවට ලැබී ඇති තොරතුරු මත මෙම විශේෂ පොලිස් ඒකකය පිහිටුවා ඇත.

ආගම් මුල් කරගෙන ජනතාව කැළඹීම් ඇති කරන පුද්ගලයන් පිළිබඳ විමර්ශන පැවැත්වීම මේ වන විට ආරම්භ කර ඇති බවත්, එවැනි ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top