ආවා පසුපස දේශපාලන බලවේගයක් තිබෙන බව දැකින්නට නැහැ – ආරක්‍ෂක ලේකම්

කරුකරුණාසේන හෙට්‌ටිආරච්චි ආවා කල්ලිය පසුපස දේශපාලන බලවේගයක් තිබෙන බව දැකින්නට නැති බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පවසයි.

යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය මර්දනය කිරීමට යුද හමුදාව යොදා නොගන්නා බවත්, සිවිල් පුද්ගලයින්ගෙන් යුත් එම කණ්ඩායම ත්‍රස්තවාදී කල්ලියක් නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම හා මර්දනය කිරීම යුද හමුදාවට නොව පොලිසියට අයත් රාජකාරියක්‌ බවද හෙතෙම පවසා තිබේ.

කෙසේ නමුත්, පොලිසිය ඉල්ලීමක්‌ කළහොත් පමණක්‌ යුද හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top