මහින්ද රාජපක්‍ෂ හෙට චීනයට

chinaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට චීනයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

චීන රජයේ ආරාධනාවකට අනුව රාජපක්ෂ මහතා හෙට (23) දිනයේ චීනය බලා පිටත්වීමට නියමිත අතර ඔහු ලබන දෙසැම්බර් මස පළමුවැනිදා දක්වා චීනයේ රැඳීසිටීමට නියමිතය.

සංචාරය අතරතුරදී මහින්ද රාජපක්ෂ මහතා චීන රජයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තාවේ.

මෙම සංචාරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ හා රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන්ද සහභාගි වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top