පාර්ලිමේන්තු ඉංජිනේරුවරයා මාධ්‍යවේදීන්ට තර්ජනය කළ බවට චෝදනාවක්

blameපාර්ලිමෙන්තුවේ ඉංජිනේරු සේවකයකු මාධ්‍යවේදීන්ට තර්ජනය කළ බවට චෝදනා එල්ලවී තිබේ. පාර්ලිමේන්තු කථානායක අසුනේ පාර්ලිමේන්තු ඉංජිනේරුවරයා වාඩි වී සිටි බවට හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාට අදාළ ඉංජිනේරුවරයා විසින් පාර්ලිමේන්තුවේදී තර්ජනය කර ඇති බව වාර්තාවේ.

මේ සම්බන්‍ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ හා දිනේෂ් ගුණවර්ධන යන අය අද පාර්ලිමේන්තු සැසිවාරයේදී කතානායකවරයාගේ අවධායට යොමු කළ අතර, මේ සම්බන්‍ධයෙන් තමාට ලිඛිතවම පැමිණිලි කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතා අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාට අද දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top