මාධ්‍ය නියාමනයට ස්‌වාධීන මණ්‌ඩලයක්‌..

මාධ්‍යමුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය සහ ලියාපදිංචි වෙබ් අඩවියන්හි ප්‍රවෘත්ති අන්තර්ගතය නියාමනය කිරීම සඳහා ස්‌වාධීන මණ්‌ඩලයක්‌ ස්‌ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (23 ) ප්‍රකාශ කළේය.

කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

අදාළ මණ්ඩලය තුළින් ප්‍රවෘත්ති, අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතීන්ට සහ ක්‍රමවේදයන්ට අනුව නියාමනය කෙරෙනු ඇති අතර ඒ සඳහා මහජන අදහස්‌ හා යෝජනා ලබාගැනීමට කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා පවසයි.

ජනමාධ්‍ය ශක්‌තිමත් කිරීම සඳහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් කිසිදු අවස්‌ථාවක සීමාවන් හෝ නීති පැනවීමට තමන් කටයුතු නොකරන බවත් පැවසු ඇමැතිවරයා, රටේ සිවුවැනි ආණ්‌ඩුව ලෙස සැලකෙන ජනමාධ්‍ය කෙරෙහි රජය සුවිශේෂී සේවාවක්‌ ඉටුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top