ශ්‍රී ලාංකික සරණාගතයන් ඉන්දියාවේ පුරවැසිකම ඉල්ලා උද්ඝෝෂණය කරයි..

ශ්‍රී ලාංකික සරණාගතයන් ඉන්දිය පුරවැසිභාවය ඉල්ලා උද්ඝෝෂණයක් පවත්වා තිබේ. ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් 600 දෙනෙකු පමණ මෙලෙස උද්ඝෝෂණය කර තිබේ.

තමන්ට ඉන්දිය පුරවැසිභාවය ලබා දෙන්නැයි ඉල්ලා සරණාගතයන් මහ ඇමැතිවරයා වෙත ලිපියක් ද භාරදී තිබේ. ඉන්දියාවේ විසා කාලය අවසන්වූ පසු එරටතුල රැඳී සිටින්නන්ට පනවා ඇති දඞ මුදල අඩු කරන ලෙස ද එහිදී ඉල්ලා තිබේ.

අවතැන් කඳවුරුවලට පිටත ජීවත් වන ශ්‍රී ලාංකික සරණාගතයන් මෙලෙස දඞ මුදලක් ගෙවීමට සිදුව තිබේ. විසා නොමැතිව දිගු කලක් තිස්සේ ඉන්දියාවේ රැඳී සිටින්නන්ගෙන් මෙලෙස දඞු මුදලක් අය කරනු ලැබේ.

ශ්‍රී ලාංකික සරණාගතයන් ලක්‍ෂකට අධික පිරිසක් ඉන්දියාවේ ජීවත්වීම විශේෂත්වයකි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top