කීරමලෙයි ධීවර වරාය ඉදිකිරීම් වහාම අත්හිටුවිය යුතුයි – විග්නේෂ්වරන්

– Global Tamil News –

කීරමලෙයි ධීවර වරාය ඉදිකිරීම් වහාම අත්හිටුවිය යුතුයි - විග්නේෂ්වරන්

රජය විසින් යාපනය දිස්ත්‍රික්කයේ කීරමලෙයි ප්‍රදේශයෙහි පිහිටුවීමට යන ධීවර වරාය වහාම අත්හිටුවිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ කවරෙකුගේ හෝ අති පූජනීය සිද්ධස්ථානයක් අසල ධීවර වරායක් ඉදි කිරීම සදාචාරයට පටහැනි ක්‍රියාවක් බවත් එමනිසා තමන් දැනටමත් රජයට එම ව්‍යාපෘතිය නතර කරන මෙන් දැනුම් දී ඇති බවත්ය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) යාපනය, කීරමලෙයි දියනාන පොකුණ අසල පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමිනි.

වාර්ෂිකව මෙම ආගමික උළෙල සංවිධානය කරනු ලබන්නේ අගෝස්තු මාසයේ අමාවක පොහොය දිනයේදී වන අතර ඒ තම මියගිය පියාවරුන්ට පින් අනුමොදන් කරවීම පිණිස උපවාසයකට සහභාගි වීම පිණිසයි.

– sinhala.asianmirror.lk –
– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top