ලබන 01 වනදා දුම්රිය සේවා වෘත්තීය සමිතිය විසින් සංකේත වැඩ වර්ජනයක්

විරෝධතා - උද්ඝෝෂණඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවට, දුම්රිය සේවා වෘත්තීය සමිති සාමූහික සන්ධානය අනතුරු අගවා සිටියි.

දෙපාර්තමේන්තුව සතු ඉඩම් පුද්ගලික අංශයට ලබා දීම, අවිධිමත් ලෙස සිදුකරන සේවක බඳවා ගැනීම්, දෙපාර්තමේන්තුව අධිකාරියක්‌ බවට පත් කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදුව යන යෝජනා සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයන් දියත් කරන බව දුම්රිය සේවා වෘත්තීය සමිති සාමූහික සන්ධානයේ කැඳවුම්කරු ඩබ්ලිව් එම්. ජානක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා සිටියි. දෙසැම්බර් 01 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියසමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top