වාහන පැවරුම් ලියාපදිංචි සහන කාලය දීර්ඝ කරයි

vehiclesවාහන පැවරුම් සහතික නීත්‍යනුකූල කර ගැනීම සඳහා ලබා දුන් සහන කාලය දෙසැම්බර් 31 දා තෙක්‌ දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

එම සහන කාලය අද (30) අවසන් වීමට නියමිතව තිබූ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක්‌ මත මෙම සහන කාලය දීර්ඝ කර තිබේ.

මෙම සහන කාලය තුළ පැවරුම් සහතික ලබා නොගතහොත් ප්‍රමාද වූ දිනකට රුපියල් 100 බැගින් මුළු කාලය සඳහාම දඩ අය කරන බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top