ඉදිරි දෙසතිය තුළ නාමල්ට අධි චෝදනා

ඉදිරි දෙසතිය තුළ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා යටතේ නඩු පැවරෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

ඔහු විසින් පවත්වාගෙන යන එන්.ආර්. ඇසෝෂියේට්ස් ආයතනය විසින් කළ ගනුදෙනු සහ ඊට අයත් වත්කම් සම්බන්ධව කරන ලද පරීක්ෂණ අනුව මෙම නඩුව පැවරෙන බව වාර්තා වේ.

මීට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද චෝදනා ගණනාවක් සම්බන්ධව කොළඹ මහාධිකරණයේදී දෙවැනි වරටත් අධිචෝදනා යටතේ නඩු පැවරෙන බව නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අධි චෝදනා දෙකද සමග පසුගිය පාලන සමයේ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් දේශපාලනඥයන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට අදාළව අධිචෝදනා පත්‍ර 13ක් යටතේ නිතිපති දෙපාර්තමේන්තුව නඩු කටයුතු පවත්වාගෙන යන්නේ යැයිද එම ආරංචිමාර්ග කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top