චෙන්නයි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය වැටලූ 200ක් අත්අඩංගුවට

චෙන්නයි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය වැටලූ 200ක් අත්අඩංගුවට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර නුන්ගම්පාක්කම් පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමාසරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ තන්දයි පෙරියාර් ද්‍රාවිඩ පක්‍ෂයේ ආධාරකරුවන් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ යුද සමයේ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන හාඅනාථ කඳවුරුවල සිදුවීයැයි කියන සැක සහිත මරණ 104ක් ගැන නිසි පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව ඉල්ලා ඔවුන් මෙලෙස උද්ඝෝෂණයක නිරතව තිබේ.

එහිදී උද්ඝෝෂකයන් ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපයක් ගිනි තබා ඇති බවත්, මහින්ද රාජපක්ෂ රජයත්, යහපාලන රජයත් දෙකම ශ්‍රී ලංකා දෙමළ ජනයාගේ අයිතිවාසිකම් මර්ධනය කරන බව ද පවසා තිබේ.

කලහකාරි ලෙස හැසිරුණු උද්ඝෝෂකයන් 200 දෙනෙකු ඉන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top