උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් අඩාලයි

– Global Tamil News –

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් අඩාලයි

දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් ආරම්භකර ඇති විරෝධතාවක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් සම්පූර්ණයෙන්ම අඩාල වි තිබේ.

උතුරු දුම්රිය මාර්ගය අවහිර කරමින් මැදවච්චිය දුම්රිය ස්ථානය අසළ දුම්රිය  ගේට්ටුකරුවන් ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

මේ අතර අවස්ථා කිහිපයක දීම දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් ආරම්භ කල විරෝධතා නිසා එහි ආරක්ෂාවට පොලිසිය යෙදවීමට ද සිදු වි තිබුණි. අදාළ විරෝධතාව හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top