ලෝක ඒඩ්ස්‌ දිනය අද

sitemgr_hiv-aids_6ලෝක ඒඩ්ස්‌ දිනය අදට (01) ට යෙදී ඇත. මෙවර ලෝක එඩ්ස් දිනයේදී තේමාව ”එච්. අයි. වී. නිවාරණය සඳහා දැත් ඔසවමු” යන්නයි.

ලොව ප්‍රථම එච්. අයි. වී/ඒඩ්ස්‌ වෛරසය ශරීරගතවූ තැනැත්තා සොයා ගැනීමෙන් පසු මේ දක්‌වා මිලියන 88 ක පමණ ජනගහනයක්‌ එම වෛරසයට ගොදුරු වී ඇති අතර ඒඩ්ස්‌ රෝගයෙන් මිය ගොස්‌ ඇති සංඛ්‍යාව මිලියන 35 කි.

ශ්‍රී ලංකාවේ දැනට එච් අයි වී/ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූ 2436 දෙනකු සිටින බවට ඇස්‌තමේන්තු කර ඇති අතර ඔවුන්ගෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්‌ මර්දන වැඩසටහනට අයත් සායනවල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබනුයේ 1050 දෙනකු බව එම වැඩසටහන පවසයි. මේ වනවිට අදාළ සායනවලින් ඒඩ්ස්‌ රෝගය සඳහා වන ඒ ආර් ටී ප්‍රතිකාරය ලබා ගන්නා පිරිස 945 දෙනෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top