ඝාතනයට ලක්වූ – සිරගතවූ මාධ්‍යවේදීන් පිළිබඳ විභාග කටයුතු කඩිනමින් සිදුකරනවා – ජනපති

president-1පසුගිය පාලන සමයේ රට හැර ගිය මාධ්‍යවේදීන්ව යළි දිවයිනට ගෙන්වා ගැනීමට හා, ඝාතනයට ලක්වූ, සිරගතවූ මාධ්‍යවේදීන් සම්බන්‍ධයෙන් සිදුකරන විභාග කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවත්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ඉල්ලීම් දිනා දීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් ඇති කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ( Maithripala Sirisena ) ප්‍රකාශ කළා. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වන නියෝජිත සමුළුව අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වන නියෝජිත සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණා. රහස් බෑ, බොරු බෑ, තොරතුරු දැන ගැනීමේ අයිතිය යථාර්තයක් කර ගනිමු, මහජන සේවා ජනමාධ්‍ය සංස්කෘතියට බලකරමු යන තේමාවෙනුයි සම්මේලනය සංවිධාන කර තිබුණේ. දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඊට එක්ව සිටියා. මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ඉල්ලීම් සහිත සන්දේශයක් එම සමිති සම්මේලනයේ නියෝජිතයින් ජනාධිපතිවරයා වෙත භාරදුන්නා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කරුණාරත්න ගමගේ ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top