ගෝඨා ඇතුළු ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම ඉවතට

ගෝඨාබයහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 6 දෙනකුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (1) නියෝග කර තිබේ.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යමින් රජයට රුපියල් මිලියන 835ක් පාඩු කළැයි චෝදනාවට සැකපිට සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනා වෙත පනවන ලද විදෙස් ගමන් තහනම ලිහිල් කර තිබේ.

ඒ අනුව විත්තිකරුවන් විදෙස්ගත වන්නේ නම් ඊට සතියකට පෙර නීතිපතිවරයා දැනුවත් කළ යුතු බවට නියෝග කර තිබේ. අදාළ නඩුව යළි පෙබරවාරි මස 13 වන දින කැඳවීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top