යාපනයේ කඩු ප්‍රහාර කල්ලිය යැයි සැකපිට සිසුවකු ඇතුළු පහක් අත්අඩංගුවට

vall-vettuයාපනයේ ප්‍රසිද්ධ පාසලක සිසුවකු ඇතුළු පස් දෙනෙකු කඩු ප්‍රහාර කල්ලිය යැයි සැකපිට කෝප්පායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු සහ තිරුනෙල්වේලි, චුන්නාකම් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අවුරුදු 16 සිට 20 දක්වාවූ වයසති පුද්ගලයන් බවත්, ඔවුන් සතුව තිබී කඩු, යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක්ද සොයාගත් බව කෝප්පායි පොලීසිය පැවසීය.

තවද අත්තඅඩංගුවට පත්වූවන් අතර සිසුවකු ද සිටින බවත්, ඔහුගේ ජංගම දුරකථනයේ කඩු සහිතව ගත් ඡායාරූප තිබෙන බවත්, ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් පවසා තිබේ.

vall-vettu5 vall-vettu4

vall-vettu1

vall-vettu2

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top