ඩෙංගු දඩය රු. 25,000ක් කිරීමට යෝජනාවක්

ඩෙංගුමදුරු කීටයින් සහිත පරිශ්‍ර පවත්වා ගෙන යන පුද්ගලයින්ට එරෙහි දඩ මුදල රු. 25,000 දක්වා වැඩි කළ යුතු බවට තමන් යෝජනා කරන ව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයේ මේ බව පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික් මදුරු මර්දන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා ඊයේ දහවල ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පවැති සාකච්ඡාවකදී ය.

ඩෙංගු රෝගය වැළඳීමෙන් කිසියම් රෝගියෙකු මිය ගිය හොත් මදුරු කීටයින් බෝ කළ පුද්ගලයා සහ ආයතනය විසින් වන්දි ගෙවීමට ද ඩෙංගු රෝග පාලනය සඳහා අණපනත් සංශෝධනයකළ යුතු බවට ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් යෝජනා කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top