සා/ පෙළ විභාගය හෙට ආරම්භ වෙයි

විභාගඅ.පො.ස. (සා/පොළ) නව/පැරණි විභාගය හෙට (6) දින ආරම්භ වී ලබන 17 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථාන 5,669ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538ක් යටතේ පැවැත් වේ. මෙවර මෙම විභාගය සඳහා පෙනී සිටිමට අයදුම්කරුවන් 700,000කට ආසන්න ප්‍රමාණයක් අයදුම්කර ඇති අතර විභාග පරිපාලනය සඳහා 65,524ක කාර්ය මණ්ඩලයක් යොදවා තිබේ. ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් (ලක්ෂ හතක්) මෙවර විභාගයට පෙනී සිටින බවද පැවැසේ.

විභාග කාර්ය මණ්ඩල වලින් යම් අක්‍රමිකතාවක් සිදු වුවහොත් ඔවුන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් විභාග සම්බන්ධ යම් අක්‍රමිකතාවක් හෝ යම් පැමිණිල්ලක් වේ නම් 0112786200, 0112 784201, 0112785202, 0112784203 දුරකථන අංක වලට හෝ හදිසි අවස්ථා සඳහා 119 දැනුම් දිය හැකි බවද සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top