13 වැනි සංශෝධනයෙන් විසඳුම ලැබෙයි – ස්වාමිනාදන් : විසඳුම ලැබෙන්නේ නැහැ – සම්බන්‍ධන්

sambanthar - සම්බන්‍ධන්13 වන සංශෝධනය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් දෙමළ ජනතාවට දේශපාලනික විසඳුමක් ලබාදිය හැකි යැයි අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රකාශය විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඊයේ (4) දින කොළඹ පැවැති උත්සවයකදී, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළේ නම් දෙමළ ජනතාවට විසඳුම ලබාදිය හැකි බව අමාත්‍ය ස්වාමිනාදන් මහතා පවසා තිබුණි. එය ප්‍රතික්‍ෂේප කළ විපක්‍ෂ නායක සම්බන්‍ධන් මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රථම වරට වෙනසක් සිඳු කිරීමේ අයුරින් 13 වන සංශෝධනය ඉදිරිපත් කළ නමුත් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණයට එය විසඳුමක් ලෙස නොතිබූ බව සඳහන් කළේය.

එලෙස විසඳුමක් ලෙස තිබිය නොහැකි බවත්, අද 13න් සිට දිගු ගමනක් ගොස් ඇති බවද සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top