ජයලලිතා ජෙයරාම් දිවියෙන් සමුගනී – නව මහ ඇමැතිවරයා ලෙස පන්නීර් සෙල්වම්

jeyalalitha_ ජයලලිතාතමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් අභවප්‍රාප්ත වූ බව වාර්තාවේ. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නයි නුවර ඇපලෝ රෝහලට ඇතුලත් කළ ඇය ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියට ආසන්නව අභවප්‍රාප්තවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

06 වරක් තමිල්නාඩු මහ ඇමති ධූරය දැරූ ඇය මිය යන විට 68 වන වියේ පසු විය.  මුල් කාලයේ ඇය සුප්‍රසිද්ධ සිනමා නිළියක ද වූවාය. තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ගේ දේහය මේ වන විට චෙන්නායි නුවර රාජාජි ශාලාව වෙත මහජන ගෞරවය සඳහා රැගෙනවිත් ඇත.

මේ අතර තමින්නාඩු රජය විසින් අද (06දා) තමිල්නාඩුවේ ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙන අතර, තමිල්නාඩු රජය සතියක ශෝක කාලයක් නම් කර ද තිබේ. සතියක කාලයක් තමිල්නාඩුවේ කිසිඳු රාජ්‍ය උත්සවයක් නොපැවැත්වෙන අතර, ජාතික කොඩිය අඩකුඹු කර ජාතියේ ශෝකය ප්‍රකාශ කරන ලෙස රජය උපදෙස් ලබාදී තිබේ.

paneerමේ අතර, තමිල්නාඩුවේ වත්මන් මුදල් ඇමතිවන ඕ. පනීර්සෙල්වම් තමින්නාඩුවේ මහ ඇමති ලෙස අද අලුයම 1ට පමණ තෙවැනි වතාවටත් තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top